මුලින්ම මම කියල දෙන්න application name එකක් ඩෙස්ක්ටොප් එක රියිට් කරල එන menu එකට අතුලුකරන්නේ කොහොමද කියලා.
මෙන්න මම කරපු පොඩි උදාහරනයක්.මම මෙකෙදි dreamviewer මෘදුකාගයේ නම ඩෙස්ක්ටොප් එක රයිට් ක්ලික් කරල එන මෙනු එකට දාගන්නෙ කොහොමද කියල පෙන්නන්නම්.
මුලින්ම Run මෙනුව open කරගන්න.මේකට ඔයාලට වින්ඩෝස් KEY එක සමග R ඔබන්න.දැන් Registry එකට යාමට regedit විධානය ලබා දෙන්න.
ඉන්පසු පහත රූප සටහන් වලින් දක්වා ඇති පරිදි පියවරයන් අනුගමනය කරන්න.ඔබට ඉතා පහසුවෙන් මෙය කිරීමට හැකි වෙවි.
පියවර 2
පියවර 3
ඉන්පසු පහත පරිදි shell -> new -> key මත right click කරන්න.
පියවර 4
දැන් අලුතෙන් සෑදෙන directory එක සදහා ඔබට අවැසි application එකේ නම ලබා දෙන්න.
පියවර 5
දැන් අප සෑදූ directory එක මත කරන්න.(මාගේ උදාහරනයට අනුව Dreamviewer මත right click කර ඇත.)
දැන් සෑදූ directory එක සදහා command යන්න ලබා දෙන්න.(වැදගත්:-මෙහිදී සියලුම අකුරු simple වියයුතුයි.)
පියවර 6
දැන් දකුනු පස ඇති default මත right click කරන්න.
පියවර 7
දැන් ඔබට අවැසි application එකේ path එක ලබා දෙන්න.(ඔයාල applicaiton එකට pathඑක හොයාගන්න දන්නේ නැත්තම් startmenu->allProgrames->අදාල application එකේ නම rightclick කර->එහි properties select කර Target යටතේ ඇති path එක කොපි කර ගන්න.)
පියවර 8
අවසානයි.දැන් ඔබ desktop එක මත right click කරන්න.ඔබ යෙදු application එක menu එක මත පෙනේවි.
ඉතින් අදට බ්ලොග් ලිවිල්ල අවසානයි.ඔයාල මේක කරල මොකක් හරි ප්රශ්නයක් තියෙනවනම් පහල කමෙන්ට් එකක් දාන්නකෝ.ඔයාලට මේ බ්ලොග් එකෙන් වැඩක් උනා නම් අනිවාර්යෙන්ම පහල කමෙන්ට් එකක් දාලම යන්න මොකද තව බ්ලොග් ලියන්න නම් ඔයාලගෙ දිරි ගන්වීම අපිට ගොඩක් වටිනවා.මම ඊලග පාර ඔයාලට තව හොද පෝස්ට් එකක් දෙන්නම්.
ස්තුතියි.
ඔබට ජය................








No comments:
Post a Comment